රටම බලා සිටි අධිකරණ නියෝගය - මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න
මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය විසින් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් නියෝග කර ඇත.
ඒ අනුව මෙම නියෝගය මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර ඇති බව සඳහන්.
එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ ධම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් බණ්ඩාර යන අය අද (07) දින අධිකරණය වෙත කරුණු සඳහන් කළා.
බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්
එහිදී මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර තිබුණේ මෘත දේහවලට අදාළව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් වෙන් වෙන් ලෙස ප්‍රකාශ සටහන් කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෘත දේහයන් ඥාතීන් වෙත භාරදෙන ලෙසයි.
එසේම මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය විසින් බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර ඇති බව සඳහන්.