ඉන්දියාව අද තීරණාත්මක තරඟයකට මුහුණ දෙයි...

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරඟය අද (04) පැවැත් වෙනවා.

අද පස්වරු 3.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරඟය ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායමට තරඟාවලිය පිළිබඳ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරඟය ජයගැනීම අතිශය තීරණාත්මක වනු ඇත.

තරඟාවලියේ "ඒ" කාණ්ඩය යටතේ මෙම තරඟය පැවැත්වෙයි.

එම කාණ්ඩයේ මේ වන විට පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.