කටකතා සනාථ කරමින් ඉන්දියාවේ නම වෙනස් වෙයි..
By Gagana
ඉන්දියාවේ නව වෙනස් කිරීමක් ගැන මේ දිනවල ලෝකය පුරා කතා වනවා. ඒ පිළිබඳ නිල වාර්තාවක් මෙතෙක් පල වී නැහැ.
කෙසේවෙතත් එම වාර්තා සනාථ කරමින් ඉන්දියාව අද ජාත්‍යන්තරය හමුවේ "ඉන්දියාව" වෙනුවට "භාරත්" ලෙස පෙනී සිටියා. මෙවර G20 සමුළුව ඉන්දියාවේ සභාපතිත්වයෙන් නවදිල්ලියේ දි පැවැත්වෙනවා.
එහි සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසුන් ගෙන සිටි ස්ථානයේ තබා තිබූ නාම පුවරුව සටහන් කර තිබුණේ "ඉන්දියාව" ලෙස නොව "භාරත්" ලෙසයි.
එය ජාත්‍යන්තර මාධ්‍ය තුළ මේවනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.