මාස්ටර් ලීග් කිරුළ අසල්වැසි ඉන්දියාවට!
2025 මාස්ටර්ස් ලීග් කුසලානයේ ජය හිමිකර ගැනීම සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම ඊයේ(16) රාත්‍රියේ සමත් විය.
කඩුළු 06කින් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය ඔවුන් නතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 148ක් රැස් කර ගනු ලැබීය.
පිටියට පිවිසි Dwayne Smith ලකුණු 45ක්ද, නායක Brian Lara, Chadwick Walton සහ William Perkins ලකුණු 06 බැගින්ද, Lendl Simmons ලකුණු 57ක්ද රැස් කළ අතර පන්දු යැවීමේදී Vinay Kumar කඩුළු 03ක්ද, Shahbaz Nadeem කඩුළු 02ක්ද, Pawan Negi, Stuart Binny එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය
නායක Sachin Tendulkar ලකුණු 25ක්ද, Gurkeerat Singh Mann ලකුණු 14ක්ද, Ambati Rayudu ලකුණු 74ක් ද රැස් කිරීමට සමත් විය.
අනතුරුව ලකුණු 149ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් 2025 මාස්ටර්ස් ලීගයේ ජය හිමිකර ගැනීමට සමත් වීම ඔවුන් ලද විශේෂ ජයග්‍රහණයක් විය.
