ඉන්දියාවම කැළඹෙයි, කෝටියක් මරන්න මිනිස් බෝම්බ වාහන 34ක තියපු බවට වට්සැප් පණිවුඩයක්

Tamil Nadu Police India Mumbai Bomb Blast Sinhala news
By Kaushi Sep 05, 2025 12:37 PM GMT
Kaushi

Kaushi

Report

ඉන්දියාවේ මුම්බායි නුවර ඇති වූ බෝම්බ බියක් නිසා ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හෙට පැවැත්වීමට සැලසුම් කර ඇති ගනේෂ් දෙවිඳුන් සැමරීමේ උළෙල ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද වට්සැප් පණිවුඩයක් නිසා මෙසේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කර තිබෙන බවයි.

එසේම ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මුම්බායි නගරය පුරා මිනිස් බෝම්බ වාහන 34ක ස්ථානගත කර ඇති බවට අදාළ වට්සැප් පණිවුඩයෙන් පවසා තිබීම හේතුවෙන් මුළුමහත් නගරයම කම්පනයට පත්ව ඇති බවයි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

අඳාළ තර්ජනාත්මක වට්සැප් පණිවුඩය ලැබි තිබුණේ රථවාහන පොලීස් පාලක මැදිරියේ සහය දුරකතන අංකය වෙත බව පවසයි.

එම පණිවුඩයෙන් දින 10ක් අවසානයේ හෙට පැවැත්වෙන ආනන්ත් චතුර්ති සමාප්ති උත්සවයේදී කිලෝග්‍රෑම් 400ක ආර්ඩීඑක්ස් පුපුරණ ද්‍රව්‍ය මිනිස් බෝම්බ වශයෙන් පුපුරුවා හරින බව කියවෙන බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තාවල පෙන්වා දී තිබුණේ ලෂ්කාර් ඊ-ජිහාඩි ත්‍රස්තයකු වශයෙන් හඳුන්වා ගන්නා අයකු අඳාළ පණිවුඩය එවා ඇති බවයි.

තවද පාකිස්ථානුවන් 14 දෙනකු ඉන්දියාවට මේ සඳහා ඇතුළු වී ඇති බවත් ඉන් කෝටියක ජනතාව ඝාතනය කරමින් බෝම්බ පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවත් එම පණිවුඩයේ සඳහන්.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

කෙසේ වෙතත් මෑත කාලය පුරාම ඉන්දියාවේ ගුවන් යානා, පොදු ස්ථාන, පාසල් ආදි ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර සිදුවන බවට තර්ජනාත්මක පණිඩුව, ඇමතුම්, ඊමේල් ආදිය ලැබීම සුලභව සිදු වුවත් මෙම පණිවුඩය නිසා මුම්බායි කැළඹීම ඇති බවටත් ආරක්ෂක අංශ දැඩි අධීක්ෂණයකින් සිටින බවටත් ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර ජනතාවට රජයෙන් කටකතා විශ්වාස නොකරන මෙන් දන්වා ඇත.

එසේම ගණදෙවි සැමරුම සඳහා හෙට දිනයේදී මුම්බායි නගරයේ ලක්ෂ ගණනින් ජනතාව වීදි බැසීමට නියමිතව ඇත.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න