මේ පාර ලෝක කුසලානේ ඉන්දියාවටද? සුපිරි ජයක් සමඟින් ඉන්දියාව තියපු වාර්තාව
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහිව ඊයේ (12) දින රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 93ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්ව ඇත.
එම ජයග්‍රහණයත් සමඟ 20-20 ලෝක කුසලාන තරග 10ක් අඛණ්ඩව ජයගත් පළමු රට බවට ඉන්දියාව පත්ව ඇත.
එමෙන්ම ඔවුන් අවසන් වරට 2024 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළුව ක්‍රීඩාකළ තරග 8 හා මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 2ක් ජයගනිමින් මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවා ඇති බව වාර්තා වේ.
දිල්ලිහිදී ඊයේ (12) දින පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 209ක් රැස්කර ගැනීමට සමත් විය.
එහිදී ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය නැමීබියාවට පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 116ක් පමණි.
එබැවින් ඉන්දියාව ලකුණු 93කින් මෙම තරගය ජය ගැනීමට සමත් විය.