2036 වසරේ ඔලිම්පික් සත්කාරක රටවල අතරට ඉන්දියාවත්...
2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (15) පැවති ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම අමතමින් කියා සිටියේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා අනාවරණය කර සිටියේ, මහා පරිමාණ ගෝලීය ඉසව් සඳහා සත්කාරකත්වය ලබාදීමේ හැකියාව ඉන්දියාවට ඇති බවයි.
ඉන්දියාව මීට පෙර ඉතිහාසයේ කිසිඳු දිනක ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබාදී නොමැති අතර, ඔවුන් අවසන් වරට බහු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය ලබා දී ඇත්තේ 2010 වසරේ දිල්ලිහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටයි.
එමෙන්ම ඔවුන් වසර 42කින් (1982 වසරේදී) ආසියානු ක්‍රීඩා උළෙලකට හෝ සත්කාරකත්වය ලබා දී නොමැති අතර ඉන්දියාවට 2036 ඔලිම්පික් උළෙලේ සත්කාරක්තවය ලැබුණහොත් සත්කාරක නගරය ලෙසින් ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ දේශපාලනයේ බල කඳවුර ලෙසින් සැලකෙන ගුජරාට් ප්‍රාන්තයේ විශාලම නගරය වන අහමදාබාද් නම් කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් 2036 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා ඉන්දියාවට අමතරව සෞදි අරාබිය, කටාර් සහ තුර්කිය ඇතුළු තවත් රටවල් කිහිපයක්ද තරග කිරිමට නියමිතව ඇත.
ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) බොහෝ දුරට ලබන වසරේ පැවැත්වෙන මහා සභා රැස්වීමෙන් පසු සත්කාරකත්වය හිමිවන රට ප්‍රකාශයට පත්කරනු ඇත.
කෙසේ වෙතත්, මෙවර ඔලිම්පික් උළෙලට ප්‍රංශය සත්කාරකත්වය ලබාදුන් අතර, එළබෙන 2028 වසරේදී එය අමෙරිකාවේලොස් ඇන්ජලීස්හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර 2032 ඔලිම්පික් උළෙලට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය සත්කාරක්වය දක්වනු ලබයි.