ඇදුම රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්

By R.rishma May 04, 2025 03:57 AM GMT
Report

වර්තමානයේ මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බවය.

ලෝකයේ යෞවන වියේ තරුණ තරුණියන් අතර මෙම රෝගය බහුලව දක්නට ලැබෙන බව ඇය පෙන්වා දෙයි.

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

කොළඹ ලේඩීස් කොලෙජ් සියලුම දෙමවුපියන් සහ භාරකරුවන් වෙත හදිසි දැනුම්දීම

ලබන මැයි 6 වන දිනට යෙදෙන ලෝක ඇදුම දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී වෛද්‍ය සමරනායක මහත්මිය මේ බව පැවසුවාය.

“ඉන්හේලර්” ප්‍රතිකාරය භාවිතයෙන් ඇදුම රෝගය අතුරු ආබාධවලින් තොරව ඵලදායී ලෙස පාලනය කළ හැකි බව, එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු මහත්මිය පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය දල්පතාදු මහත්මිය සඳහන් කළේ, මෙරට ඇදුම රෝගයෙන් පෙළෙන නමුත් එය හඳුනාගෙන නොමැති රෝගීන් විශාල පිරිසක් සිටින බවයි. 

දිස්ත්‍රික්ක 12කට අනතුරු ඇඟවීමක්... අවදානයෙන් ඉන්න

දිස්ත්‍රික්ක 12කට අනතුරු ඇඟවීමක්... අවදානයෙන් ඉන්න