රට රැකියාවට යන ඔබට සුබ පණිවිඩයක්..

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka visa
By Piyumika Sep 03, 2024 02:36 AM GMT
Piyumika

Piyumika

Report

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පොරෝ පහරින් නිම කල පවුල් ආරවුල..

පොරෝ පහරින් නිම කල පවුල් ආරවුල..

ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසි විටෙකත් අත්නොහරින බවය.

වෘත්තීය සංසදය සඳහා පැවති "ආස්ක් මී - එනිතින්ග්" විශේෂ වැඩසටහනේ දී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහාතා මෙම අදහස් පළකර තිබේ.

එහිදී විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට ද රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

මෙවර ජනාධිපතිවරණයට අදාළව පළමු මනාප සලකුණු කිරීම හෙටින් ඇරඹේ ..

මෙවර ජනාධිපතිවරණයට අදාළව පළමු මනාප සලකුණු කිරීම හෙටින් ඇරඹේ ..

"ඩිජිටල්කරණය කම්කරු අංශයේත් ආරම්භ කළ යුතුයි. හැම කේෂ්ත්‍රයේම ඒක කරන්න යනවා. දෙවනුව තියෙන්නේ අපි කවුරුවත් රට යන එක නවත්තලා නෑ. විශේෂයෙන්ම මගේ අදහස නම් අපේ තරුණයින්ට යන්න කැමති අයට අපි ඉඩදීලා රටවල්වලට කතා කරලා යන කණ්ඩායම් වැඩිකරන්න කියනවා. මම දැනටම නැගෙනහිර ආසියානු රටවල් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 50,000කට අපේ මුදල් දෙනවා තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගන්න පිටරට රැකියා ලබාදෙන එකක් තෝරාගෙන පුහුණුවෙන්න. පුහුණු ගාස්තු අපි ගෙවන්නම්. පුද්ගලික ආයතනයෙන් පුහුණු වුණත් රජයේ ආයතනයකින් පුහුණු වුණත් 50,000කට අපි සල්ලි දෙනවා, පිටරට වෙළෙඳපොළ් රැකියාවලට පුහුණුවෙලා රට යන්න."