රටම කළඹවමින් අද සිදුකරන අතිශය තීරණාත්මක දේ.. සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් එක්වෙයි..!
අද (22) විදුලි බලමණ්ඩල සේවකයින්ගෙ වැඩතහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙරට සියලු කේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව අද උදෑසන 09ට මරදාන ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.
මේ අතර වෘත්තීය සමිති පියවර ගෙන ඇත්තේ, අද උදෑසන 07ට ලංකා විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත්පත්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි.
එමෙන්ම අද දහවල් 12ට සිවිල් සංවිධාන ලංකා විදුලි බලමණ්ඩල මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
Sponsored By Sarrita Jewellery