සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

Report

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු පැවසුවේ, ඉම්තියාස් බාකීර් මාකාර් ඉදිරියේදී පක්ෂ සභාපති ධුරයේ වගකීම භාර ගැනීමට කැමැත්ත පළ කරනු ඇති බවයි.

පසුගිය 2 වැනිදා පැවති සමගි ජන බලවේග පක්ෂ මහා සම්මේලනයේදී, විපක්ෂ නායක සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඉම්තියාස්ව සභාපති ධුරයට නම් කළ අතර, ඔහු එම තනතුර යළි භාර ගැනීමට සූදානම් බව එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ බද්දෙන් ලංකාව හිර වෙන ලකුණු - නිදහස් කරන්නැයි ඉල්ලූ රට ලිස්ට් එක මෙන්න

ට්‍රම්ප්ගේ බද්දෙන් ලංකාව හිර වෙන ලකුණු - නිදහස් කරන්නැයි ඉල්ලූ රට ලිස්ට් එක මෙන්න

පසුගිය මාර්තු 18 වැනිදා, ඉම්තියාස් බාකීර් මාකාර්, පක්ෂ සභාපති ධුරයෙන් සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වන බව දැනුම් දෙමින්, සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළේය.

එම ලිපියේ පිටපත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ට ද යවා තිබිණි.

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

කෙසේ වුවත්, සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ බාකීර් මාකාර්ගේ අස්වීම භාර නොගන්නා බවයි.

සමගි ජන බලවේගයේ බොහෝ නායකයන් පවසන්නේ, පක්ෂයේ දුර්වලතා මඟහැර ශක්තිමත් ලෙස ඉදිරියට යාමට බාකීර් මාකාර්ගේ අත්දැකීම් සහිත නායකත්වය අත්‍යවශ්‍ය බවයි.

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

බාකීර් මාකාර් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී නැත.