පිටරටින් මෙරටට ගෙන්වීමක් වහාම නවත්වයි - එකවරම මෙරටින් ගත් තීරණය මෙන්න.

Report

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පිටරටින් මෙරටට ගෙන්වීමක් වහාම නවත්වයි - එකවරම මෙරටින් ගත් තීරණය මෙන්න. | Importation Of Animal Products Into The Country

ඒ කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බවයි.

දැනට රටවල් කිහිපයක යළිත් කුරුළු උණ රෝග කාරක වෛරසය හිස ඔසවා ඇත.

එය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කළේ ය.

එබැවින් ඒ පිළිබදව අනියත බියක් ඇති නොකර ගන්නා ලෙස ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද තීරණය කර ඇත.

ඉකුත් යහපාලන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසර ලබාදී තිබූ බවත් ඒ නිසා යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ල වූ බවත් ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

එම හේතුව නිසා එම ජනතාවගේ ආර්ථිකය මෙන්ම රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා එම චීන සමාගම වෙත ලබා දී තිබූ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බව යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා සඳහන් කර ඇත.