මෙරටට ආනයනය කරන දෙයක් දෙගුණයකින් ඉහළ යයි..තව සති 02කින් රටටම රතු එළියක්?..

Government Of Sri Lanka Businessman Import Rice
By Aruna Dec 07, 2024 03:02 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කිරීමේ දී නැව් සමාගම් බහාලුමකට අය කරන නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය අතහැර දමා ඇතැයි වාර්තා වනවා.

සහල් අර්බුදයට පිළියමක් ලෙස ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට මේ මස 20 වැනිදා දක්වා සහල් ආනයනය කිරීමට රජය අවසර ලබා දී ඇත.

කඩිනමින් සහල් ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට බහාලුමක් ආනයනය කිරීමේ දී අය කරන ලද ඩොලර් 300 ක නැව් ගාස්තුව ඩොලර් 600 ක් දක්වා ඉහළ දැමීමට නැව් සමාගම් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


ආනයනකරුවෝ කියා සිටින්නේ, නැව් ගාස්තු ඉහළ දැමීම නිසා එක් බහාලුමකට රුපියල් 90,000 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවයි.

ඒ අනුව මේ මස 20 වැනිදාට පෙර සහල් බහාලුම් 2,500 ක් ආනයනය කිරීමට නියමිත වූවද, සහල් ආනයනය සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබීමත්, සහල් ආනයනයේ දී කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කිරීමත්, නැව් ගාස්තු ඉහළ යෑමත් නිසා සහල් ආනයනය කිරීමේ දී පාලන මිල ද ඉක්මවා යනු ඇතැයි ද ආනයනකරුවෝ අවධාරණය කරයි.

එමෙන්ම සහල් ආනයනය කිරීමේ අවසන් දිනය වන්නේ මේ මස 20 වැනිදා නිසා, සහල් ආනයනික නැවක් මෙරටට පැමිණීමේ දී එදින මධ්‍යම රාත්‍රිය ඉක්මවා ගියහොත් ආනයනික සහල් තොග ආපසු හරවා යැවීමට සිදුවීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවීමේ අවදානමක් පවතින බවයි ආනයනකරුවෝ ප්‍රකාශ කළේ.

කතරගම දේවාලයට අදාල ඉඩමක් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගනී..

කතරගම දේවාලයට අදාල ඉඩමක් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගනී..


ආනයනකරුවෝ වැඩිදුරටත් පවසන්නේ, මෙම තත්ත්වය යටතේ මෙරටට ඉන්දියාවෙන් සහල් බහාලුම් 400 ක්වත් ආනයන නොකෙරෙනු ඇති බවයි.

You May Like This Video


ReeCha