IMF නියෝජිතයන් හා ජනාධිපති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය පිළිබඳ සාකච්ඡාවක් අද..

By Piyumika Aug 01, 2024 02:48 AM GMT
Report

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය .

අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත .

තරුණියගේ මරණයට වගකිව යුතු සැමියා අත්අඩංගුවට ගන්නැයි පවසා ප්‍රදේශ වාසීන් හා ඥාතීන් පාරට..

තරුණියගේ මරණයට වගකිව යුතු සැමියා අත්අඩංගුවට ගන්නැයි පවසා ප්‍රදේශ වාසීන් හා ඥාතීන් පාරට..

එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපි බලාපොරොත්තු වෙන්නේ, 4 වෙනි වාරිකය නිදහස් කරගැනීමට. කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් ඒ වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට අරන් යන්න. මොකද තුන්වෙනි සමාලෝචනය තුළ ලැබෙන 4 වෙනි වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වුවහොත් එය ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය විශාල බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම ඇති නොවෙන්න ජනාධිපතිතුමා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉදිරි කාලය තුළ දී කොහොමද ණයහිමියන්ගේ මේ වැඩසටහන ආරක්ෂා කරගෙන වැඩසටහන ආරක්ෂා කරන්නේ කියන දේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ (31) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි..

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකය පිළිබඳව සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා යන අයද සහභාගී වී තිබේ.