තරුණියගේ මරණයට වගකිව යුතු සැමියා අත්අඩංගුවට ගන්නැයි පවසා ප්‍රදේශ වාසීන් හා ඥාතීන් පාරට..

Report

ඊයේ දින පඬුවස්නුවර කිරිමැටියාව කෙලිනාවල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. ඒ 18 හැවිරිදි විවාහක තරුණියකගේ සැකසහිත මරණයක් මුල්කොට ගනිමිනි .

ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ තරුණියගේ සැමියා කළ පහරදීමකින් ඇය මියගොස් ඇති අතර පොලීසිය සැකකාර සැමියා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි .

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි..

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි..

කිරිමැටියාව කෙලිනාවල පදිංචිව සිටි 18 හැවිරිදි සෙනුරි ප්‍රේමතිලක මියගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරාතුවය. සෙනුරිගේ සැමියා කළ පහරදීමක් ඇයගේ මරණයට හේතුවී ඇති බවට සෙනුරිගේ ඥාතීන් චෝදනා කර තිබේ.

ඒ අනුව සෙනුරිගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කිරිමැටියාව උණලීය මාර්ගයේ දී අද පස්වරුවේ විරෝධතාවයක නිරත වුණේ මරණයට සැකකාර සෙනුරිගේ සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමිනි.

තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

එමෙන්ම ඔවුන් මෘත දේහය ද මහමඟට රැගෙන විත් විරෝධය දැක්වීය. ඥාතීන් පවසන්නේ, මියගිය සෙනුරිගේ සැමියාගේ පියා සෙනුරිගේ මවට පහරදී ඇති බවය.

පහර කෑමට ලක්වූ පාර්ශ්වය ඒ පිළිබඳ කටුපොත පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස බලකරමින් සෙනුරිගේ සැමියා ඇයට පහරදී ඇති බවටත් ඇයගේ ඥාතීන් චෝදනා කරයි.