ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - පෙබරවාරි 16 ලොක්කෙක් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පෙබරවාරි 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර ඇය රජයේ බලධාරීන් සහ විවිධ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පවත්වන අතර මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය පිළිබඳව ඇය සෘජුවම සොයා බැලීමට නියමිතව ඇත.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය විය හැකි ආකාරය සහ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට ඇත.