ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි..

Report

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය.

වසරේ ගතවූ කාලය තුළ මෙච්චර ගාණක් .. 2018 වසරෙන් පසුව ඉලක්කයක් සැපිරූ ප්‍රථම අවස්ථාව ..

වසරේ ගතවූ කාලය තුළ මෙච්චර ගාණක් .. 2018 වසරෙන් පසුව ඉලක්කයක් සැපිරූ ප්‍රථම අවස්ථාව ..

ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියේය. ඒ අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළේය.

නමුත් මෙවර විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ගමක් බියෙන් සලිත කරමින් මහා රැ යාමේ බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

ගමක් බියෙන් සලිත කරමින් මහා රැ යාමේ බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117කි.

ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.

නමුත් ඉමාඩ් වසීම් තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වේ.

You may like this video