වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..

By krishani Aug 31, 2024 11:09 AM GMT
Report

හෙට (01) සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා වේ.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


ඒ අනුව සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට හා පොලිස් පැමිණිලි සහිත පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ දී කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැර වීමට හෝ හය මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබා ගැනීමට හෝ අවස්ථාව හිමි වනවා.

එමෙන්ම, අදාළ තැනැත්තාට එරෙහිව ඇති පැමිණිල්ල (Absconding Report) ඉවත් කරගෙන එරටින් පිටව යාමටද මෙම කාලය තුළ දී අවස්ථාව සැලසෙන බවයි.

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය යොමුකළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සඳහා, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ තානාපති කාර්යාලය මගින් නිකුත් කරන හදිසි පිටවීමේ පත්‍රය සමග අල් දෆ්රා සේවා මධ්‍යස්ථානය (Al Dhafra) , අල් මකාමි සේවා මධ්‍යස්ථානය (Al Maqam), අල් ශහාමා සේවා මධ්‍යස්ථානය (Al Shahama), සුවෙයි හාන් සේවා මධ්‍යස්ථානය (Sweihan) යන ආගමන සේවා මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් විය යුතු වේ.

මෙම පොදු සමා කාලය යටතේ එරටින් පිටවීමට අපේක්ෂා කරන්නේ නම්, පිටවීමේ අවසර පත්‍රය ලබාගෙන දින 14ක් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත් විය යුතුයි.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


කෙසේ වෙතත්, තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැදී සිටින්නේ නම් මෙම පොදු සමාකාලය පිළිබදව ඔවුන් දැනුවත් කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.