නීතිවිරෝධීව රැගෙන ආ විසිතුරු පැළ තොගයක් රේගු නිලධාරීන් භාරයට
තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ සජීවී විසිතුරු පැළ තොගයක් සමග මගියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (27) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් අදාළ පැළ තොගය සමග සැකකරු ‘හරිත මාවත’ ඔස්සේ පිටව යෑමට උත්සාහ කිරීමේදීයි අත්අඩංගුවට ගෙන තිබේ.
තවද එම සැකකරු 57 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.
මෙම විසිතුරු පැළ තොගය සොයාගෙන ඇත්තේ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ කඩදාසි කොළවලින් ඔතා තිබියදීය.
එම පැළ තොගය මෙරටට රැගෙන ඒම සඳහා මොහු වලංගු ආනයන බලපත්‍රයක් හෝ සෞඛ්‍ය ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන නොතිබූ බව අනාවර්ණය වී තිබේ.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්, පැළ තොගය විනාශ කිරීම සඳහා කටුනායක ශාක නීරෝධායන ආයතනය වෙත භාරදී තිබේ