සුරා සැලකට මුද්‍රා තබයි - මෙහෙම කරොත් නම් ඔක්කොම බාර් වහයි
ජා - ඇළ සුරා සැලකට මුද්‍රා තබා ඇති බවට වාර්තා වේ. ඒ පොහොය දිනයදා මත්පැන් අලෙවි කිරීමේ හේතුව මතයි.
පසුගිය පොහොය දින (05) දී සුරා බදු නිලධාරින් විසින් මෙම ප්‍රදේශය සිදු කරන ලද හදේසි පරීක්‍ෂණයකදී සිල්වරට මත්පැන් අලෙවි කරන බලපත්‍ර ස්ථානයක් ලෙස මේ විවෘත කර වෙළඳාම් සිදුකර තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව අදාල සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.
මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙවැනි තොරතුරු පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන මෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.