ඔයාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් කරන්න ඕන දේ ගැන ඔයා දැනුවත්ද..

Sri Lanka Sri Lanka Presidential Election 2024 srilanka election 2024
By Piyumika Sep 11, 2024 05:52 AM GMT
Piyumika

Piyumika

Report

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඊයේ (10) පැවසීය.

ජනාධිපතිවරණය නිසා වෙලා තියන දේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

ජනාධිපතිවරණය නිසා වෙලා තියන දේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බව ඔහු පවසයි. රණසිංහ මහතා පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවයි.

14 වනදා වනවිට යම් අයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවද ඔහු පැවසීය.

නොවැළක්විය හැකි හේතුවක් නිසා ඔයාටත් බැරි උනාද ,.කමක් නැහැ හැබැයි අද සහ හෙට අවස්ථාව මග හැර ගන්න එපා..

නොවැළක්විය හැකි හේතුවක් නිසා ඔයාටත් බැරි උනාද ,.කමක් නැහැ හැබැයි අද සහ හෙට අවස්ථාව මග හැර ගන්න එපා..

මැතිවරණ දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවෙයි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි. මෙවර මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 17.44ක් බව මැතිවරණ කොමිසමේ දත්ත අනුව පෙනී යයි.