පරිගණක උපාංග (හාඩ් ඩිස්ක්) තුළ රඳවා මෙරටට ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී කටුනායක බහාලුම් පර්යන්තයක තිබී සොයාගෙන තිබෙනවා.
කටුනායක ප්‍රදේශයේ පිහිටි බහාලුම් පර්යන්තයක තිබී මේවා සොයාගෙන ඇති අතර පරිගණක උපාංග 63ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව සඳහන් වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි හි සිටින “ඩුබායි නිපුන” නමැති පුද්ගලයා විසින් මෙරටට ඒවා ඇති බවට අනාවරණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.


