බාබර් පස්සට දමා ICC නවතම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට ආ ඉන්දීයාව.
ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල්, ICC නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ, පෙරමුණේ සිටි පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම් දෙවැනි ස්ථානයට පත් කරමින්.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා මත ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණ ඇති අතර ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.