T20 ලෝක කුසලානයේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම හදිසියේම වෙනස් වෙයි - පළමු තැනත් මාරු වෙයි
By Sewvandhi
අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට ඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙල පිතිකරු සූර්ය කුමාර් යාදව් සමත් වී තිබෙනවා.
මීට පෙර එහි පළමු ස්ථානයේ රැඳී සිටි පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ.
පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය පාකිස්තානයේ බාබර් අසාම්ට හිමිව ඇති අතර, දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාර්ක්‍රම් පස්වන ස්ථානයේ රැඳී සිටිනවා.
මේ අතර, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි දොලොස් දෙනාගේ වටයේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරඟය අද පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට තරඟය ආරම්භවීමට නියමිතව ඇත්තේ සිඩ්නි ක්‍රීඩාංගනයේදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |