ටෙස්ට් පන්දුවවට අලුත් වෙනසක් - පාට වෙනස් කරයි
ටෙස්ට් ක්‍රිකට් තරගවලදී නිතර මතුවන අඩු ආලෝක තත්ත්වයන් හේතුවෙන් තරග බාධාවට ලක්වීම අවම කිරීම සඳහා, සාමාන්‍ය දිවා තරගවලදී ද රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂ අනුමැතියක් ලබා දී තිබේ.
කෙසේ වෙතත්, සාමාන්‍ය ටෙස්ට් තරගයකදී මෙලෙස රතු පන්දුව වෙනුවට රෝස පන්දුව භාවිතා කිරීමට නම්, අදාළ තරගය ආරම්භ වීමට පෙර තරග වදින කණ්ඩායම් දෙකෙහිම පූර්ණ එකඟත්වය අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කරයි.
ක්‍රිකට් ඉතිහාසය තුළ රෝස පැහැති පන්දුව මේ දක්වා කාලය පුරාම නිල වශයෙන් භාවිතා කරනු ලැබුවේ දිවා - රාත්‍රී ටෙස්ට් තරග සඳහා පමණක් වීම විශේෂත්වයකි.