පවුල් ආරවුලක් දුරදිග යයි - බිරිඳගේ හිසට පොරවෙන් පහර දුන් සැමියා පොලිසියට භාරවෙයි

Report

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ හිසට පොරවකින් පහර දී බරපතළ තුවාල සිදු කළ බව කියන සැමියෙකු නුවරඑළිය පොලිසියට පැමිණ භාර වී තිබේ. සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳගේ හිසට පොරවකින් පහර දී අනතුරුව පොලිසිය වෙත පැමිණ භාර වූ බවයි.

පොරවෙන් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද, විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි චිත්‍රා දේවි නමැති කාන්තාවකි. මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන දවස් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන දවස් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

බදුල්ලෙන් කළුතරට මාරු කළ රැඳවියාට බන්ධනාගාරය ඇතුළේදී තියුණු ආයුධ ප්‍රහාරයක්

බදුල්ලෙන් කළුතරට මාරු කළ රැඳවියාට බන්ධනාගාරය ඇතුළේදී තියුණු ආයුධ ප්‍රහාරයක්