බදුල්ලෙන් කළුතරට මාරු කළ රැඳවියාට බන්ධනාගාරය ඇතුළේදී තියුණු ආයුධ ප්‍රහාරයක්

By Kanchana Aug 30, 2026 04:16 AM GMT
Report

බදුල්ල බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකුගේ කන ප්‍රදේශය එම බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කපා දමා ඇතැයි වාර්තා වී ඇත.

මේ වන විට එම තුවාල ලැබූ රැඳවියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහුට ශල්‍යකර්මයක් සිදුකර මේ වන විට පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන්ය

අදාළ රැඳවියා අද   අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත ඉන් අනතුරුව අදාළ රැඳවියා රෝහලින් පිටත් කර යැවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.