පොලිස් කොමිසමේ සාමාජිකයෙක් වෙන්න ඔබටත් අවස්ථාවක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් විශේෂ නිවේදනයක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත .
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ අයදුම්පත්‍ර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළකර ඇති ආකෘතියට අනුව සකස් කළ යුතුව තිබේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරන්නේ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 ජුලි 31 වනදා හෝ ඊට පෙර යොමු කළ යුතු බවයි
අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියේ විෂය ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවද දැනුම් දී තිබේ