ආන්දෝලනයට තුඩු දුන් ප්‍රතිදේහ ඖෂධය සෑදීමට රුධිරය ගත් ස්ථානය ගැන බරපතළ අනාවරණයක්..!
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ විද්වත් සංගමය පවසන්නේ, ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
එම සංගමය ඒ බව සඳහන් කළේ කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්ය.
පසුගිය සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වලින්, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ල වන පසුබිමක එම ඖෂධ ආනනයන කළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.
එහි දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ, අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුව ද ඒවා මෙරට දී නිෂ්පාදනය කර ඇති බවයි.