ලෝකෙම හැරිලා බලපු ඇත්තම බාර්බි ඩෝල් කෙනෙක් - විශ්වාස කරන්න පුළුවන්ද එයා ඇත්තටම ඉන්නවා?[PHOTOS]

Report

බාර්බි ඩෝල් එහෙම නැත්තම් බාර්බි බෝනික්කෝ ගැන කතන්දර, කාටුන්, සෙල්ලම් බඩු ඇයි චිත්‍රපටි පවා අපි දැක්කනේ.

බාර්බි බෝනික්කොන්ට පිස්සු වැටුණ රසිකයොත් ලෝකේ පුරා ඕන තරම් ඉන්නවා කියලා අපි දන්නවනේ. හැබැයි කවුද හිතුවේ බාර්බි බෝනික්කෝ ඇත්ත ජීවිතේ ඉන්නවා කියලා.

මේ කියන්න යන්නේ අන්න ඒ විදිහේ බාර්බි බෝනික්කෙක්ගේ කතාවක්. බෝනික්කෙක් කිව්වට මැය නම් පණ තියෙන තරුණියක්.

මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගත්තු, දකින ඕනෑම කෙනෙක් විමතියට පත් කරවන නමක් තියෙන ඇය වලෙරියා ලුක්‍යානෝවා.

කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

වලෙරියාගේ පෙනුම දැක්කම මුලින්ම හිතෙන්නේ මේක Computer Graphic (CGI) එකක් කියලා.

මොකද ඒ තරමටම ඒ රූපය සුවිශේෂියි. සාමාන්‍ය මනුස්සයෙකුට තියෙන්න බැරි තරමේ ඉතාම සිහින් ඉණක්, විශාල දෑස් සහ පුදුමාකාර ශරීර හැඩයක් ඇය සතුයි.

එසේම ඇය කියන විදිහට මේ සියල්ල පිටුපස තියෙන්නේ ඇයගේ විශේෂිත Makeup රහස්, දැඩි ව්‍යායාම සහ ඇයගේ වෙනස්ම ජීවන රටාව. කොහොම වුණත් ලෝකය පුරාම ඇය ගැන තියෙන ලොකුම විවාදය තමයි ඇය මේ පෙනුම ගත්තේ කොහොමද කියන එක.

ඇය පියයුරු සැත්කමක් පමණක් කළ බව වලෙරියා විවෘතව පිළිගත්තත්. "අනිත් හැමදේම 100% ක් ස්වභාවිකයි" කියලා ඇය සහතික වෙනවා. හැබැයි ඉතින් විචාරකයින් නම් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

ඒ අතරේ නාසය හැඩ කිරීම්, මුහුණට එන්නත් කරන Fillers, සහ ඉණ සිහින් කරගැනීමට පර්ශු ඇට ඉවත් කිරීමේ සැත්කම් පවා ඇය කර ඇති බවට දැඩි සැකයක් අන්තර්ජාලය පුරා තිබ්බත් වලෙරියා නම් ඒ හැමදේම තවමත් ප්‍රතික්ෂේප කරනවා.

ඒ විතරක් නෙවෙයි ඇයගේ මේ අමුතු පෙනුමට සමහරු ආදරය කරත් තවත් සමහරු දරුණු විදිහට විවේචනය කරනවා.

රසිකයන්ගේ කුතුහලය අවසන් කරමින් සුපිරි නළු අමීර් ඛාන්ගෙන් සුබ ආරංචියක් - නිල වශයෙන් තහවුරු කරයි

රසිකයන්ගේ කුතුහලය අවසන් කරමින් සුපිරි නළු අමීර් ඛාන්ගෙන් සුබ ආරංචියක් - නිල වශයෙන් තහවුරු කරයි

හැබැයි වලෙරියා නිසා ලෝකයේ අලුත්ම රැල්ලක් නිර්මාණය වූ බව නම් කියන්න ඕනේ.

ඒ තමයි අද වෙන කොට අන්තර්ජාලයේ අපිට දකින්න ලැබෙන "Human Barbie" රැල්ල. ඒ රැල්ලේ ආරම්භකයා වෙන්නේ ඇය කියලා තමයි වාර්තා වෙන්නේ.

ඒ විතරක් නෙවෙයි ඇයව අනුකරණය කරමින් දහස් ගණන් තරුණියන් බෝනික්කන් වීමට සැත්කම් මේසයට යන තත්ත්වයට මේ රැල්ල බලවත් වූ බවත් කියනවා. කොහොම වුණත් වලෙරියා කියන්නේ "මම බෝනික්කෙක් වගේ පෙනුනට, මම ආත්මයක් තියෙන මනුස්සයෙක්..." කියලයි.   

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

GalleryGalleryGalleryGalleryGalleryGallery