නොවැම්බර් 21 වැනිදා දැවැන්ත විරෝධයක්
විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක එකමුතුවෙන් පිහිටුවාගත් මහා ජන හඬ සංවිධානය නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩදි 'මහා ජන හඩ' නමින් ජන රැළියක් පැවැත්වීමට සූදානම් වේ.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදි ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එම සංවිධානයේ නියෝජතයින් පෙන්වා දුන්නේ, දුන් පොරොන්දු ඉටුනොකර ආණ්ඩුව ජනතාව රවටමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අහිමිවී ඇති බවයි.
මේ වන විට පවතින ආණ්ඩුව මහජන නියෝජිතයන් නොසලකා හරිමින් ආරක්ෂා නොකිරීම හේතුවෙන් සමගි ජන බලවේගය එය ජිනීවා ගොස් පැමිණිලි කරන බවට ද සඳහන් කරයි.