Huawei ipad වගේද මේක. - දෙවරක් නැමිය හැකි ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනය සහ ආසන 5 එක්ක සුපිරි වන්ඩියක් Huawei විසින් එළියට. - (VIDEO)

Huawei Mobile Huawei Technology
By Wayomi Sep 03, 2024 12:37 PM GMT
Wayomi

Wayomi

Report

සැප්තැම්බර් 10 වැනිදා Huawei සමාගම විසින් සිය නව නිෂ්පාදන එලිදක්වන බව එහි පාරිභෝගික කණ්ඩායම් ප්‍රධානියා වන Richard Yu ජනප්‍රිය චීන සමාජ මාධ්‍ය ජාලාවක් වන Weibo හි ඔහු ඉඟි පල කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර වාර්තාවන්ට අනුව Huawei විසින් දෙවරක් නැමිය හැකි ලොව පළමු ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එලෙසම ඔවුන් සිය නව විදුලි වාහනයද එදින එලිදැකිවීමට නියමිත බවද සඳහන්.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


මෙම නව දුරකථනය "ට්‍රයිෆෝල්ඩ්" ලෙස හැඳින්විය හැකි අතර එය දෙවරක් නැමීමට ඉඩ සලසන සරනේරු දෙකක් ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මෙය සාක්කුවේ දැමිය හැකි ටැබ්ලට් වර්ගයේ පරිගනයක් ලෙස හදුන්වාදිය හැකි අතර Richard Yu පවසන්නේ අවුරුදු 5ක් තිස්සේ මෙය ක්‍රමයෙන් වැඩි දියුණු කරමින් පැමිණ ඇති බව සඳහන්.

විචාරකයන් නම් පවසන්නේ, ඇපල් සමාගම විසින් iPhone 16 එලිදැක්වීමෙන් පැය කිහිපයකට පසුව Huawei සමාගම විසින් මෙම නිශ්පාදාන ඉදිරිපත් කිරීම, සෘජුවම ඇපල් සමාගමට තරගයක් දීම සඳහා වන බවයි.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


මේ අතර Huawei විසින් එහි Aito M9 නම් විදුළි වාහනයේ නව අනුවාදයක් ද මෙම උලෙලෙදී එලිදැක්විය හැකි අතර, ආසන හයක් වෙනුවට එහි ආසන පහක ඇතුළත් වේ. මෙම SUV රථය Huawei සහ Seres මෝටර් රථ සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක්.

ඒ, අනුව ට්‍රයිෆෝල්ඩ් ස්මාර්ට් ජංගම දුරකථනය සහ Aito M9 වැනි නව නිෂ්පාදන දියත් කිරීම මගින් Huawei ස්මාර්ට්ෆෝන් සහ විද්‍යුත් වාහන වෙළඳපල යන දෙකෙහිම තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.