ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්
2024 දෙසැම්බර් මස 4 වෙනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කරන ලදි.
ඒ අනුව අද වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
ඒ පිළිබඳව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සදහන් කරනු ලැබුවා.
දරු ඵල නොමැති අය වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණ වෙනවා.
එම රෝහලට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් කරුණු විමසමින් දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව සදහන් වනවා.
මෙයට දායක වීම සඳහා 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක ඇමතිය හැකිය.