අපි 29 දෙනාම එකට මැරෙන්න කතා වුනා ඒත් හාස්කමක් වගේ දෙයක් වුණා - ගංවතුරේ බිහිසුණු අත්දැකීමක්

Report

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වූවා වගේම දේපළ අහිමිවීම ද සිදුු විය. එවැනි පරිසරයක් තුළ ගංවතුර ගැලූ ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු තමා ඇතුළු තවත් පිරිසක් මුහුණ දුන් ඉතා වාසනාවන්ත සිදුවීමක් පිළිබඳව හෙළි කර තිබේ. එහිදී ඔහු සඳහන් කළේ පහත ආකාරයේ කතාවක්,

"“තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න. අපි විසිනව දෙනාම එකට මැරෙමු කියලා අපි කතා වුණා”

යැයි ගම්පොල දරුණු ගංවතුර අත්දැකීමට මුහුණ දුන් ගම්පොළ, කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හාරිස් තම අත්දැකීම් විස්තර කළේය. ඔහු මේ කරුණු හෙළිකර තිබුණේ බීබීසී සිංහල සේවය වෙතය.එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කර තිබිණි.

සුළු මොහොතකට පෙර මේ දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කරයි - වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න

සුළු මොහොතකට පෙර මේ දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කරයි - වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න

“හවස හයයි තිහට අපි පල්ලියේ වැඳලා එළියට එනකොට ගමට වතුර ඇවිත් තිබුණා. මගේ ගේ තට්ටු දෙකයි. ගෙදර අපේ ළමයි, ඒ අයගේ දරුවෝ වගේම නෑදෑයෝ හිටියා. මට ඒ අය මතක් වුණ නිසා මම වතුරට බැස්සා. මගේ කර උසට වතුර තිබුණත් මම පීනාගෙන ගෙදර හොයාගෙන ගියා. උස ප්‍රදේශයකටවත් යන්න වෙලාවක් ගංවතුර අපට ඉතුරු කරලා තිබුණේ නැහැ. හැමතැනම වතුර පිරිලා.

අපි ඔක්කොම විසිනව දෙනෙක් හිටියා. ගෙදර තට්ටු දෙකක් උඩින් තිබුණු කොන්ක්‍රීට් එකට අපි නැග්ගා. පොඩි ළමයි දහතුනක් අපේ ළඟ හිටියා. මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොම ටික එකට ගැට ගහන්න. මොකද තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න. එහෙම ගියොත් අපි විසි නවදෙනාම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ. උදව් ඉල්ලන්න කවුරුවත් නෑ. හැමෝම විපතට පත් වෙලා. ඒත් දෙවියො බලලා අපි ඉන්න දිහාට බෝට්ටුවක් ආව නිසා ඒ අය අපි බේරා ගත්තා ඒක හාස්කමක් වගේ දෙයක්,”

ඔහු වැඩිදුරටත් පැවසීය.

දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න - විශේෂ නිවේදනයක්

දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න - විශේෂ නිවේදනයක්