හෝමූස් නිසා මැදපෙරදිග ඇවිලෙද්දි ලංකාවට සුපිරි වාසියක් - ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක්

Report

මැදපෙරදිග ඇවිලී ඇති යුධ ගැටුම නිසා වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හේතුවෙන් සමස්ථ ලෝකයටම අහිතකර බලපෑමක් ඇති වුවත් එය ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘත කිරීමට සමත් වී ඇත.

ඒ අනුව ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14 ක්, එරට සිට මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත්, එතැන් සිට අඩි 40 ක් දිග බහාලුම් 07 ක බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, පසුව ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා, කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇවිලෙයි - ඉරානය සලිත කරමින් මේ සියල්ල නැවත දැනුම් දෙන තුරු නවතන බවට නිවේදනයක්

ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇවිලෙයි - ඉරානය සලිත කරමින් මේ සියල්ල නැවත දැනුම් දෙන තුරු නවතන බවට නිවේදනයක්

එසේම මෙම එක් මෝටර් රථයක අවම මිල ශ්‍රි ලංකා රුපියල් කෝටි 50 ක් වන අතර එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක මිල රුපියල් කෝටි 100 ක් පමණ වන බවත්, ඒ අනුව නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාවට ද ආර්ථික වශයෙන් වාසිදායක තත්වයක් උදා වෙමින් පවතින බවත් සඳහන්.

එසේම මෙම මෝටර් රථ මීට දින කීපයකට පෙර හම්බන්තොට වරායට ගෙනැවිත් තිබෙනවා.

එමෙන්ම හෙට දින (21) දින උදෑසන මෙම මෝටර් රථ තොගය රැගත් ගුවන් යානය ඩුබායි සහ දෝහා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි

ජල සම්පාදනය සඳහා මේ ප්‍රදේශවලට නව චක්‍ර ලේඛයක් - නීති රෙගුලාසිත් වෙනස් කරයි

ජල සම්පාදනය සඳහා මේ ප්‍රදේශවලට නව චක්‍ර ලේඛයක් - නීති රෙගුලාසිත් වෙනස් කරයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි