ජල සම්පාදනය සඳහා මේ ප්‍රදේශවලට නව චක්‍ර ලේඛයක් - නීති රෙගුලාසිත් වෙනස් කරයි
එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී නියඟයක් ඇති වුවහොත් ජල සම්පාදනය සඳහා නව චක්‍ර ලේඛයක් ඉදිරිපත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම චක්‍රලේඛය අගෝස්තු 6වන දින ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කර ඇති බව ද ඔහු පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැනුවත්කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද(20) දින එක් වෙමින්.
එසේම මෙම චක්‍රලේඛය තුළ නියඟවෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවලට ජල පහසුකම් සැපයීම වෙනුවෙන් වඩාත් පහසු හා ඉක්මන් මැදිහත්වීමක් සිදුකිරීමට හැකි ආකාරයෙන් අවශ්‍ය නීති රෙගුලාසි වෙනස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.