අවුරුදු 15 - 29 වයස් අතර සුවකළ නොහැකි ලෙඩක් වැඩිවෙලා

Report

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි.

ගම්පොළ - දොළුව මාර්ගයේ මාරක අනතුරක් - තිදෙනෙක් මරුට

ගම්පොළ - දොළුව මාර්ගයේ මාරක අනතුරක් - තිදෙනෙක් මරුට

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමඟින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිස්සාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානකම තත්ත්වයය. 

ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී 2021 වර්ෂයේදී මෙරටින් ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් සොයාගෙන තිබේ.

විමල් ඇවිත් නෑ වෙනත් දිනයක් ඉල්ලලා - තංගල්ල පොලීසිය සඳහන් කරයි

විමල් ඇවිත් නෑ වෙනත් දිනයක් ඉල්ලලා - තංගල්ල පොලීසිය සඳහන් කරයි

ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙන්. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1කි. ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ගුරුවරයාගේ අමානුෂික පහරින් ක්ලාන්ත වී බිම ඇදවැටුණු සිසුවා රෝහලේ

ගුරුවරයාගේ අමානුෂික පහරින් ක්ලාන්ත වී බිම ඇදවැටුණු සිසුවා රෝහලේ