හරීන්ගේ පුටුව හිරුණිකාට හිමිවෙයි? - මාධ්‍ය නාලිකාවකින් පක්ෂයට තර්ජන?
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සමග සමගි ජන බලවේගයේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුර දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත් එම යෝජනාවට දැඩි විරෝධයක් මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය නාලිකාවකින් එළවී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අදාළ නාලිකාව සමගි ජන බලවේගයට දැනුම් දී ඇත්තේ යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද මන්ත‍්‍රී පුරප්පාඩුව සඳහා පත් කරන්නේ නම් සමගි ජන බලවේගයට මේ වන විට ලබා දෙමින් සිටින විශාල මාධ්‍ය සහයෝගය මුළුමනින්ම නවතා දමන බවටයි.
