ගම්මන්පිල පිල්ලෙයාන් හමුවීම ගැන හිරුණිකාටත් සැක හිතිලා..

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අත්අඩංගුවට ගැනීම පිළිබඳව දේශපාලන වේදිකාවේ විවිධ මත පළ විය.

ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවේ, පිල්ලෙයාන් හමුවීමට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිය බව සැක සහිත කරුණක් බවයි.

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

ඒ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

මේ අතර පළාත් පාලන ආයතනවලට වෙන් කරනු ලබන මුදල් පිළිබඳව ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වංචනික හෝ දූෂිතයින් නොවන පුද්ගලයින් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු කියා සිටියා.