විකුණන්න ගිය මිල්කෝ ගැන ලංකාවට සුබ ආරංචියක්..මාසයක් ඇතුලත සිදු වූ දේ..
By Aruna
පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලන්සු කැදවූ මිල්කෝ ආයතනය පසුගිය මාසයේ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම ලබාගත් බව එහි සභාපති පී.එච්.වී.ගෝඨාබය මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන 2000 ඉලක්කයක් සපුරාලමින් බවයි ඒ මහතා පැවසුවේ.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවට ප්‍රමිතියෙන් යුත් කිරි නිෂ්පාදන ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතිබව ද ගෝඨාභය මහතා කියා සිටියා.
සභාපතිවරයා පැවසුවේ, මිල්කෝ ආයතනය බාර ගන්නා විට මූල්‍යමය අතින් ඉතා අසීරු තැනක පැවති බවයි.
මේ වනවිට මිල්කෝ ආයතනය යහපත් තැනක පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.