කාලගුණය තවත් දරුණු වේ - ගතවූ පැය 24 ක කාලය තුළ ලංකාවේ මේ ප්‍රදේශවලට ලැබුණු වැඩිම වර්ෂාපතන අගයන් මෙන්න
ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය, නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ කාලසීමාව ඇතුළත නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 258.6ක අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඊයේ (03) උදෑසන 8.30 සිට අද (04) උදෑසන 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ කැනියන් ප්‍රදේශයට මි.මී 234.6ක්, ලක්ෂපානට මි.මී 208ක් සහ කාසල්රී ප්‍රදේශයට මි.මී 164ක වර්ෂාපතනයක් සටහන් වී ඇත.
ඊට අමතරව මාඕස්සාකැලේට මි.මී 125ක්, ඉහළ කොත්මලේට මි.මී 110.3ක් සහ කොත්මලේ ප්‍රදේශයට මි.මී 105ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.