පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට උසස් අධ්‍යාපන කොමිසමක්

Report

පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උපාධි ප්‍රදානය කරන අනෙකුත් ආයතන නිසි ලෙස නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා වෙනම උසස් අධ්‍යාපන කොමිසමක් පිහිටුවීමේ අවශ්‍යතාව මෑතකදී පාර්ලිමේන්තු අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභික කමිටු රැස්වීමකදී තීව්‍රව මතු වී තිබේ.

නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්වය, ඒවායේ ගුණාත්මකභාවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ඒවා පිළිගැනීමට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ලයිසන් නැති කන්ටේනර් මට බේරන්න පුළුවන් - සුනිල් හදුන්නේතිගේ හඩ පටයක් ලීක් වුණාද?

ලයිසන් නැති කන්ටේනර් මට බේරන්න පුළුවන් - සුනිල් හදුන්නේතිගේ හඩ පටයක් ලීක් වුණාද?

කමිටු සභාපති හේෂා විතානගේ මහතා පෙන්වා දුන්නේ, රට තුළ ප්‍රමාණවත් ගුණාත්මකභාවයක් නොමැති උපාධි ප්‍රදානය කරන ආයතන බිහිවීමත්, එමඟින් සිසුන්ට සහ සමාජයට සිදුවන බරපතල හානියත් ය. බොහෝ පෞද්ගලික ආයතන ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමට වඩා ලාභ ලබා ගැනීම මූලික අරමුණු කර ගෙන ක්‍රියාත්මක වන බවද ඔහු තරයේ අවධාරණය කළේය.

“සිසුන් බඳවා ගැනීමේ සිට උපාධිය ප්‍රදානය කිරීම දක්වා මුළු ක්‍රියාවලියම UGC අධීක්ෂණය යටතේ තබා ගත යුතුයි. එසේ නොවුණහොත් රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම තරුණ පරපුරටද බලවත් හානියක් සිදු වේ”

යැයි සභාපතිවරයා පැවසීය. මෙම ගැටලුවට විසඳුම් ලෙස පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පමණක් නියාමනය කරන වෙනම උසස් අධ්‍යාපන කොමිසමක් පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු ඉස්මතු කළේය. එවැනි කොමිසමක් මඟින් පෞද්ගලික ආයතන පිළිබඳ පුළුල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම. ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල සමඟ සෘජු සම්බන්ධතා ඇති කිරීම. ආයතනවල ප්‍රමිතීන්, වැඩසටහන් ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම.

'දෙහි බාලේට' අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට

'දෙහි බාලේට' අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට

අනාගතයේදී නව පෞද්ගලික විශ්වවිද්‍යාල අනුමත කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුත් තීරණ ගැනීම. වැනි පියවර ගත හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම යෝජනාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අතිරේක ලේකම්වරයා සහ UGC නිලධාරීන් ද තරයේ සහාය ලබා දුන්හ. මීට අමතරව රැස්වීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ගැටලු, විදේශ උපාධි වැඩසටහන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

 

සිංහල ,දෙමළ භාෂා වලට වෙනස්කම් කරලා පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

සිංහල ,දෙමළ භාෂා වලට වෙනස්කම් කරලා පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි