සිංහල ,දෙමළ භාෂා වලට වෙනස්කම් කරලා පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් ඔහු ඉහත ප්‍රකාශය සිදු කර තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරයාගේ ඡායාරූප දැක ගැනීමට හැකි බවත් ඒ වගේම පැවති සම්මන්ත්‍රණවලට අදාළ ඡායාරූප ද ඇති වගත් නමුත් අමාත්‍යාංශයේ අරමුණු පිළිබඳව සිංහල හෝ දෙමළ භාෂාවෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බව එතුමා සදහන් කර තිබේ.
ඒවගේම ශ්‍රී ලංකා රජයේ ඕනෑම වෙබ් අඩවියකට භාෂා තුනම ඇතුළත් කළ යුතු බවට නීතියක් ඇති බවත් අපි සියලු දෙනාම එය පිළිගත යුතු වගත් අමාත්‍යාංශය කරන්නේ කුමක්ද යන්න පිළිබඳව රටේ සියලුම ජනතාව දැන සිටිය යුතු බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.
තවද, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රටේ ජනතාව තේරුම් ගන්නේ කෙසේද? යනුවෙන් එතුමා තව දුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදි .