තිරසාර පරිසරයක් අපේ කැපවීමයි - බැංකොක්හිදී පරිසර නියෝජ්‍ය ඇමති කියයි

Report

තිරසාර පරිසරයක් සඳහා ශ්‍රී ලංකාවේ නිරන්තර කැපවීම තවදුරටත් ශක්තිමත් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. කලාපීය සහයෝගීතාවය මගින් සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය අවම කරමින්, පරිසර හායනය සීමා කර සියලු පුරවැසියන්ට පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර පරිසරයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තායිලන්තයේ බැංකොක් නුවරදී අද (01) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසම (UNESCAP) විසින් සංවිධානය කළ පරිසර හා සංවර්ධනය පිළිබඳ කමිටුවේ 9 වන අමාත්‍ය මට්ටමේ සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමිනි.

මෙහිදී ආසියා-ශාන්තිකර කලාපයේ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා UNESCAP ලේකම් කාර්යාලය සිදුකරන දායකත්වය ශ්‍රී ලංකාව විසින් අගය කර ඇති අතර, කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා එම ආයතනය දරන කැපවීම වෙනුවෙන් විශේෂ ස්තූතියද පළ කර ඇත.

බණ්ඩාරවෙලට නව ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් - ඌවෙන් ජාත්‍යන්තර ශූරයන් බිහි කිරීමේ දැවැන්ත ඉලක්කයක්

බණ්ඩාරවෙලට නව ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් - ඌවෙන් ජාත්‍යන්තර ශූරයන් බිහි කිරීමේ දැවැන්ත ඉලක්කයක්

දේශගුණික විපර්යාස හේතුවෙන් කුඩා දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳවද අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2025 වසරේ දකුණු ආසියානු කලාපයට බලපෑ ගංවතුර, අධික වර්ෂාපතනය, මුහුදු මට්ටම ඉහළ යාම සහ කුණාටු තත්ත්වයන් හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර ලවණීකරණය වීම ආහාර සුරක්ෂිතතාවයට හා මහජන සෞඛ්‍යයට සෘජු බලපෑම් ඇති කරන බව අවධාරණය කළේය.

මෙම අභියෝග ජය ගැනීම සඳහා හුදෙකලා ප්‍රතිපත්ති වෙනුවට දේශගුණික ක්‍රියාමාර්ග, සොබාදහම පදනම් කරගත් විසඳුම් (Nature-based Solutions) සහ තිරසාර නාගරික සංවර්ධනය ඒකාබද්ධ කරන නවීන සහ සම්බන්ධිත ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජල කළමනාකරණය සඳහා අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සහ ජාතික මට්ටමින් තීරණය කරන ලද දායකත්වයන් (NDCs) තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

ඉදිරියේදී ආර්මේනියාවේ පැවැත්වීමට නියමිත ජෛව විවිධත්වය පිළිබඳ COP17 සමුළුවට සහ ඕස්ට්‍රේලියාවේ හා තුර්කියේ පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස පිළිබඳ COP31 සමුළුව ඇතුළු ඉදිරි ජාත්‍යන්තර රියෝ සම්මුතීන් සඳහා ශ්‍රී ලංකාව සක්‍රීය දායකත්වය ලබාදීමට සූදානම් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තෙලිප්පලෙයි රෝහල සංවර්ධනයට විශේෂ අවධානය - අමාත්‍යවරුන් හදිසි නිරීක්ෂණ චාරිකාවක

තෙලිප්පලෙයි රෝහල සංවර්ධනයට විශේෂ අවධානය - අමාත්‍යවරුන් හදිසි නිරීක්ෂණ චාරිකාවක