බොර තෙල් මිල ඉහළට

Report

ලෝක බොර තෙල් මිල අද (23) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා ඇනහිටීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළෙඳ ගමනාගමනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කල් යයි

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කල් යයි

ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.37කින් හෙවත් සියයට 1.3කින් ඉහළ ගොස් ඩොලර් 103.28ක් ලෙස සටහන්ව තිබෙනවා. එසේම WTI බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 1.52කින් හෙවත් සියයට 1.6කින් ඉහළ ගොස් ඩොලර් 94.48ක් දක්වා පැමිණ ඇති බව සඳහන්.

පාකිස්තාන මැදිහත්කරුවන්ගේ ඉල්ලීම මත අමෙරිකානු ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප් දෙරට අතර සටන් විරාමය දීර්ඝ කළද, යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක දෛනික තෙල් සැපයුමෙන් සියයට 20ක් පමණ රැගෙන ගිය මෙම සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයට ඉරානය සහ අමෙරිකාව තවමත් සීමා පනවා තිබෙනවා.

ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි

ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි