රූපවාහිනිය ඔස්සේ විකාශය කරපු හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පැවැත්වූ කවුද මේ හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා.

Israel Lebanon World
By Piyumika Oct 30, 2024 04:02 AM GMT
Piyumika

Piyumika

Report

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් පත්වෙයි ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසෙම් පත් කර තිබෙනවා.

අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ; ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති බවයි. පසුගිය වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් ලෙස හෙතෙම කටයුතු කර තිබෙනවා.

පොල් මිල අහස උසට යන කොට කරලා තියන අපරාධයක්..

පොල් මිල අහස උසට යන කොට කරලා තියන අපරාධයක්..

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ඔක්තෝබර් 8 වෙනිදා හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පවත්වා ඇති බවයි පැවසෙන්නේ. විනාඩි 30ක කාලයක් පුරා සිදු වූ මෙම දේශනය රූපවාහිනිය ඔස්සේ විකාශය කර ඇති බව සඳහන්.

හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ යුද්ධයක් බවත් හිස්බුල්ලා පළමුව ප්‍රතිචාර නොදක්වන බවත් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

අලුත් අවුරුද්දෙ ඇති වෙන්න යන අලුත් පෝලිමක අනාවරණයක්...

අලුත් අවුරුද්දෙ ඇති වෙන්න යන අලුත් පෝලිමක අනාවරණයක්...

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස ෂෙයික් නයිම් කාසෙම් මෙලෙස පත්ව ඇත්තේ මහලේකම් ලෙස කටයුතු කළ සෙයිද් හසන් නස්රල්ලා ඝාතනය කර දින 11කට පසුවයි.

ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර මියගියේය. දකුණු බේරූට් හි නස්රල්ලා නැවතී සිටි ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

මෙහෙම උදව් නම් ඕනෙම නෑ.. අනතුරට පත් ට්‍රක් රථයට උදව්වට ඇවිත් කරලා තියන දෙයක තරම..

මෙහෙම උදව් නම් ඕනෙම නෑ.. අනතුරට පත් ට්‍රක් රථයට උදව්වට ඇවිත් කරලා තියන දෙයක තරම..

කාසීම්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස 1991 දී එවකට එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබ්බාස් අල්-මුසාවි විසින් තෝරාගත් අතර මුසාවි 1992 දී ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගියේය.