අලුත් අවුරුද්දෙ ඇති වෙන්න යන අලුත් පෝලිමක අනාවරණයක්...

Report

ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇත. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පවත්වා තිබේ.

දිවයින පුරා පිහිටි රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ 850 ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඖෂධ වර්ග පනස්පහක හිඟයක් පවතින බවද මෙහිදී නිලධාරින් පෙන්වා දී ඇත.

ජොන්ස්ටන් බන්ධනාගාරයේදී ලිව්වයි කියන ලිව්මේ ඇත්ත කතාව..

ජොන්ස්ටන් බන්ධනාගාරයේදී ලිව්වයි කියන ලිව්මේ ඇත්ත කතාව..

ඖෂධ හිඟයක් නිර්මාණය වීමට බලපා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාදී ඇති ටෙන්ඩර් නැවත කැඳවීම හේතුවෙන් සැපයුම්කරුවන්ට නිසිකලට ඖෂධ සැපයීමට නොහැකිවීම බව මෙහිදී හෙළිවී ඇත.

තවද දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා ඇණවුම් භාරදීම ප්‍රමාද වීමද තවත් හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජනපති මැතිවරණ නීති උල්ලංගනය කරලද...වහාම මැකෝ ක්‍රියාත්මක වෙලා තහනමක් පනවලා..

ජනපති මැතිවරණ නීති උල්ලංගනය කරලද...වහාම මැකෝ ක්‍රියාත්මක වෙලා තහනමක් පනවලා..

එම ඖෂධ ලබා ගැනීම සඳහා වු ප්‍රසම්පාදන කමිටු රැස්වීමද පෙරේදා (28) පැවැත්වුවද අවසන් තීරණයක් ගෙන නොමැත. මේ හේතුන් මත ලබන වසරේ පළමු මාස හය තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් එය මඟ හරවා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

අක්ෂිකාච, සෝඩියම් බයි කාබනේට්, පෙනහළු ආබාධ, රෝගින්ට ලබාදෙන Amphotericin එන්නත්ද රෝහල් පද්ධතියේ නොමැති බව මෙහිදී අනාවරණය විය.