හෙරෝයින් ළග තබාගත් පොලිස් කාන්තාවට වැඩ වරදී
අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේ මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
තවද පොලිසිය සදහන් කළේ මෙම පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි .
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.