කොහිල වළකට වැටුණු පුද්ගලයා ගමම හඩවා මරු තුරුලට

Report

 පුද්ගලයෙකු කොහිල වළකට වැටී මියගොස් ඇති බව මිල්ලනිය පොලීසිය සදහන් කරයි.

ඒ    මිල්ලනිය, කිම්මන්තුඩාව ප්‍රදේශයේදීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඇත්තේ සුමනජෝති පුර, කිම්මන්තුඩාව බණ්ඩාරගම ලිපිනයේ පදිංචි 67 හැවිරිදි, ආරියපාල නැමති පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයාගේ නිවසට යාබද තාවකාලික නිවසක පදිංචිව සිට ඇත.

ඒ අතර පසුගිය දින රාත්‍රී නිවසට නොපැමිණීම හේතුවෙන් සහෝදරයා විසින් ඊයේ (26) දහවල් අවට ප්‍රදේශය සෝදිසි කර තිබේ.

  එම සෝදිසි කිරීමේදී නිවසට යාබදව ඇති කොහිල කොටුව ආසන්නයේ තිබී කොහිල මිටියක් හමුවී ඇත.

පසුව තවදුරටත් සිදුකළ සෝදිසියේදී සහෝදරයාගේ මළසිරුර සොයාගන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.