මෙන්න... ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය...
By Parami Dissanayake
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුලත් වන බවයි.
විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි සහ අමා කාංචනා සංචිතයට ඇතුලත් වන සෙසු ක්‍රීඩිකාවන් වනවා.
අනිද්දා (19) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
මෙය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වේ.